1999 වර්ෂයේ අග භාගයේදී නායක ස්වාමින්වහන්සේ වැඩමවන අවස්තාවේ විහාරස්ථානයේ බුද්ධ මන්දිරය, ආවාස ගෘහය, බොධීන්වහ්න්සේ සහ ධර්මශාලාව පමණක් තිබූ අතර උන්වහන්සේ පළමුව, පහන් දැල්වීම සදහා නිසි ස්ථානයක් නොමැති බැවින් පහන් ගෙය නිර්මාණය කරන ලදී. එමෙන්ම කොන්ක්රීට් ලෑලී පමණක් යොදා සකසා තිබු බෝ කොටුව ප්රතිසංස්කරණ කර, අටවිසි බුදු කුටි ඇතුලූ බැතිමතුන්ගේ පහසුව සදහා වන්දනාමාන කිරීමට ආසන සකස් කොට දැනට පවතින තත්වයට බෝ මලුව නිමවන ලදි.