අතීත මතකයන් ආවර්ජනය
අතීත මතකයන් ආවර්ජනය කිරීමේදී විහාර ස්ථානයේ බුද්ධ මන්දිරය, ආවාස ගෘහය, බෝධීන් වහන්සේ සහ ධර්ම ශාලව එදා පිහිටා තිබූ ආකාරය ඔබ අප මනසේ චිත්‍රයට නැගෙනු ඇතැයි විශ්වාස කරමු. එසේම අප දන්නා කාලයේ සිටම ශ්‍රී ගෞතම ගෞතම විහාරස්ථානයේ ධර්ම ශාලාව තහඩු සෙවිළි කළ පොළොව මට්ටමින් පඬි තුනක් පමණ පහළට බැසිය යුතු ඉතා කුඩා ප්‍රමාණයේ ගොඩනැඟිල්ලක් විය. 90 දශකය මැද භාගය පමණ වන විට විහාර ස්ථානය භාරව කටයුතු කළ ස්වාමීන් වහන්සේ විදේශගතව වැඩ සිටි අතර විහාරස්ථානයේ වැඩ වාසය කරන ලද ස්වාමීන් වහන්සේ සහ දායක සභාව විසින් අබලන් වූ එම ශාලාව වෙනුවට නව ධර්ම ශාලාවක් ඉදිකිරීම ආරම්භ කරන ලදී.
ගොඩනැඟිල්ලේ ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවතින අතර විහාරස්ථානයේ එදා වැඩ වාසය කරන ලද ස්වාමීන් වහන්සේද විදේශගත වීමට සූදානම් වන බව අපට දැන ගැනීමට ලැබුණි. එවැනි වාතාවරණයක් විහාරස්ථානය තුළ නිර්මාණය වෙමින් පැවති අවධියේ දායකයන් වශයෙන් අප ඉතා අසරණ තත්ත්වයකට පත්විය. එම ඉදිකිරීම් කටයුතු ද මන්දගාමීව සිදුවන අතරවාරයේ එක් දිනක නවක ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානයට වැඩමකරන ලද බව දැනගැනීමට ලැබුණි. ඒ අද මෙම ගෞරවයට පාත්‍රවන බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනසාර ඕමල්පේ සුමනරතන නායක ස්වාමීන් වහන්සේ බව දශක දෙකහමාරකට පමණ පෙර සිදු වූ එම අතීතක්‍රියාදාමය නැවත සිහි ගන්වමින් ඉතාමත් ප්‍රීතියෙන් යුක්තව ප්‍රකාශ කරමි.
විහාරස්ථානයේ සතර පේරුවේ දායකයන් වශයෙන් විහාරස්ථානයට නවක ස්වාමීන් වහන්සේලා වැඩමවීම සහ විහාරස්ථානයෙන් බැහැරවීම අපට හුරු පුරුදු අත්දැකීමක් උවද එදා විහාරස්ථානයට වැඩම කරන ලද ස්වාමින් වහන්සේගේ යම් වෙනසක් ආරම්භයේ සිටම අපට නිරීක්ෂණය වූ අතර උන් වහන්සේගේකටයුතු අපට ශක්තියක් වන බව කෙටි කලකින්ම වටහා ගැනීමට හැකි විය.
අද සීඝ නාගරික කරනයේ ගොදුරක් වුවද අතීතයේ ඉතා සුන්දර ගම්මානයක අවසානයේ මෙම විහාරස්ථානය නිර්මාණය වී තිබුණි. නමුත් 90 දශකය වන විට ද සංවර්ධනයේ අරුණළු අප විහාරස්ථානයට පතිත වී නොතිබූ අතර එදා අප නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානයට වැඩම කළ අවස්ථාවේ තිබුණු ඉතා කුඩා අවාස ගෘහය, සහ බුද්ධ මන්දිරයද අළුත්වැඩියා කළ යුතු අප නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානය භාරව අබලන් තත්ත්වයේ පැවති ගොඩනැඟිලි විය. මේ අතර කටයුතු කිරීම ආරම්භ කළ අතර උන් වහන්සේගේ ප්‍රථම රාජකාරිය වශයෙන් අබලන්ව පැවති බුද්ධ මන්දිරයේ වහල ප්‍රතිසංස්කරණය කරන ලදී. එසේම පහන් දැල්වීමට විධිමත් පහසුකමක් නොමැති අඩුව සපුරාලමින් නව පහන් ගෙයක් බෝධින් වහන්සේ අබියස ඉදිකරමින් නව සංකල්පයක්ද බෞද්ධයන්ට හඳුන්වාදී බෝධින් වහන්සේට මල්පහන් පුජා කිරීම සඳහා මල් ආසනයක් ද නිර්මාණය කරන ලදී.
වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන උවසු උවැසියන්ට විහාරස්ථානයක පැවතිය යුතු මූලික අංගයන් සම්පූර්ණ කිරීම සිදුකරමින් යන අතරවාරයේ වැඩ ආරම්භ කරන ලද නව ධර්ම ශාලාවේ වහලය ඉදිකිරිමේ කටයුත්ත ද නිමකර එම ධර්ම ශාලාව විවෘතකිරීමද සිදුවිය.
අතීතය පිළිබඳව නැවත ආවර්ජනය කිරීමේදී ඉතා සුළු වැසි දියකට පවා කොළඹ නගරයේ පහත්බිම් ජලයෙන් යටවීමේ තර්ජනයට අප ග්‍රාමයේ පහත්බිම්වල ජීවත්වූ ජනතාවටද මුහුණදීමට සිදු වූ බව සඳහන් කළ යුතුව ඇත. නායක ස්වාමීන් වහන්සේ අප ගම් පියසට වැඩම කිරීමෙන් අනතුරුව මෙම ව්‍යසනයට මුහුණදීමට පහත් බිම්වල වාසය කරන දායකයන්ට සිදු වූ පළමු අවස්ථාවේම පීඩාවට පත් එම ජනතාවට විහාරස්ථාන භූමියේ ආහාර පිළියෙල කර සැපයීම උන් වහන්සේගේ සමාජ සත්කාරක සේවාවේ ආරම්භය වශයෙන්ද සඳහන් කළ හැක.
භික්ෂූන් වහන්සේලා කිහිප නමකට පමණක් ප්‍රමාණවත් වූ කුඩා ආවාස ගෘහයේ වහලයද ඉතා අබලන් තත්ත්වයේ පැවති අතර කුඩා සිදුරු තුළින් ආවාසයට හිරු එළිය පතිතවීම සහ වැසි ජලය ගලා ඒම ද අරුමයක් නොවිනි. එවැනි වැසි දිනවල රාත්‍රිය නිදි වර්ජිතව ගත කළ ආකාරය නායක හිමියන්ට අද ද සිහිපත් වනු ඇත. එයටද පිළියමක් ලෙස ආවාස ගෘහයේ අළුත් වැඩියාව සහ වහලය ප්‍රතිසංස්කරණය කිරීමට ද කටයුතු කර ඇත.
ප්‍රධාන මාර්ගයෙන් පමණක් එදා විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වීමේදී මාර්ගයේ පටුබව, වාහන ගාල්කිරීr අපහසුතාව ආදී ගැටළු සඳහා පිළියමක් වශයෙන් හා කටයුතු කළ විහාරස්ථානය තාවකාලික පාලමක් ඉදිකිරීමට ද ක අතර එමඟින් පිටස්තර දායකයන්ගේ පැමිනේට දායකයන්ගේ යාබද නිවාස සංකීර්ණයේ මන්පෙත් විවර විය.
අද දේව මන්දිර, ගබඩා ගෘහ සහ වාහන ගාල්කිරීම පහසුකම සහිත බිම් කොටස එදා කසළ දමා ගොඩ කළ එකතුවන මැසි මදුරුවන්ගෙන් ගහන ස්ථානයක් බවටද භූමියක් වූ අතර ප්‍රදේශයේ අපවිත්‍ර ජලය ගලාජ මාර්ගයට සම්බන්ධ කර, භූමිය සකස්කර විහාරස්ථානයට අයත් බිම් කොටස වටා වලාකුළු බැමි සහිත ප්‍රාකාරයක් එය පත්වී තිබුනි. එම අපවිත්‍ර ජල මාර්ගය අතුරු ඇල ඉදිකිරීමේ කටයුතුද සිදු වී ඇත.
මේ අතර තාවකාලික පාලම වෙනුවට ස්ථිර පාලමක් රාජ්‍ය මැදිහත්වීම මඟින් ලබා ගැනීමට ද අප හැකියාව මත සිදු වූ අතර එම ඉදිකිරීම වර්තමානයේ නායක ස්වාමීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය හා අප විහාරස්ථානය තුළින් විද්‍යාමාන වන අංග සම්පූර්ණ විහාරස්ථානයක පිංවත් භාවයේ සංධිස්ථානය සහ හැරවුම් ලක්ෂ්‍යය වශයෙන්ද හැඳින්විය හැක.
එදා කුඩා ගම් පියසක සතර පේරුවේ දායකයන්ට පමණක් සීමා වූ අප විහාස්ථානය මෙම කාල වකවානුව පුණ්‍ය භූමියක් බවට පත්වෙමින් පැවතිණි. එසේ වන විට දිවයිනේ නන් දෙසින් සැදැවතුන් පැමිණෙන ආගමික කටයුතු සඳහා පැමිණෙන පිංවතුන්ට ත්‍රිවිධ බෝධිය වන්දනා කිරීමට නොහැකි වීම මෙන්ම එම සැදැවතුන් උදෙසා කටයුතු සිදුකරන ගරුතර ස්වාමීන් වහන්සේලට ලැඟුම් ගැනීමට පැවති කුඩා ආවාස වශයෙන් චෛත්‍ය, දේව මන්දර සහ නව ආවාස ගෘහය ප්‍රමාණවත් නොවීම ආදී ගැටළු සඳහා පිළියමක් ගෘහයක් සහිත දාන ශාලාවක් ඉදිකිරීම සඳහා 2008 ජනවාරි මස 28 දින සුභ මොහොතින් වැඩ කටයුතු සපිරෙන 2009 ජනවාරි මස 30 වන දින සියළු ඉදිකිරීම් ආරම්භ කළ අතර එම ඉදිකිරිම් ආරම්භ කර වර්ෂයක් නිමාකර අද විහාරස්ථාන භූමියේ දිස්වන අලංකාර චෛත්‍ය ගර්භයේ ධාතුන් වහන්සේලා තැන්පත් කර පුන්‍ය මහෝත්සවයද සිදුකරන ලද බව සතුටින් කළ යුතුව ඇත.
විවිධ ආගමික වැඩ සටහන් සඳහා සහභාගිවන ඉදිකරන ලද ධර්ම ශාලාවද විහාරස්ථානයේ සිදුකරන පිරිසට ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගත් පූජ්‍යපාද ශාස්ත්‍රපති ඕමල්පේ පුමනරතන අප නායක ස්වාමීන් වහන්සේ එම ගොඩනැගිල්ල තිබූ ස්ථානය අද අලංකාර ධාතු මන්දිරයක් සහිත දෙමහල් ධර්ම ශාලාවක් බවට පරිවර්තනය කර ඇත.
ගොඩනැගිලි ඉදිකිරීම මත පමණක් මිනිසුන්ගේ මනස සුවපත් කළ නොහැකි බවට වන සංකල්පයේ පිහිටා කටයුතු කරන ලද අප නායක හිමිපාණන් වහන්සේ විවිධ වූ ආගමික වැඩ සටහන් සංවිධානය කර දායක දායිකාවගේ ආගමික ප්‍රබෝධය නංවාලීමට කටයුතු සංවිධානය කරන ලද අතර විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලාගේ සුමදුර ධර්ම දේශනා වර්ෂයේ විවිධ කාල සීමාවන්හිදී සංවිධානය කරමින් දායක දායිකවන්ගේ ධර්ම ඥාණය වැඩිදියුණු කර ගැනීමටද අවස්ථාව සලසා දී ඇත.
කුසගින්නේ සිටි උවැසියන්ට ආහාර ලබාදීමෙන් අනතුරුව ධර්මය දේශනා කරන ලද බුදුන් වහන්සේගේ මග අනුගමනය කරමින් දායකයන් ව්‍යසනයට පත් වූ සෑම අවස්ථාවකම විහාරස්ථානයෙන් ගමට සංකල්පය තේමා කර ගනිමින් සමාජ සත්කාරක සේවයේ කටයුතු කිරීමට පෙළඹී ඇති බව සිහිපත් කළ යුතුය. ඒ අනුව සමස්ත ලෝකයම බියපත් කල මාරාන්තික කොවිඩ් වසංගතයට අප රටද මුහුණ දුන් අවස්ථාවේ යම් මුදලක් තමන් අත තිබුණද අත්‍යාවශ්‍ය ආහාර ලබා ගැනීම විශේෂයෙන්ම නාගරිකව ජීවත්වූ ජනතාව මුහුණදුන් විශාල ගැටළුවක් විය. ඒ හමුවේ ජීවිත අවදානමද පසෙකලා ජාති ආගම් බේදයකින් තොරව ගම්වාසී ඇති නැති සියළුම ප්‍රජාවට වියලි ආහාර ලබාදීමේ වැඩ සටහන් කිහිපවාරයක් සංවිධානය කළ අතර රට වසා තම නිවෙස් තුලින් එළියට බැසීමට නොහැකිව මරණ බියෙන් අසරණව සිටි ජනතාවට ඉන් ලබා දුන් සහනය අකුරකර පැහැදිලි කිරීමට නොහැකි බව අප විශ්වාස කරමු. එම වියලි ආහාර ප්‍රදානයන් සිදුකල සෑම අවස්ථාවකම අවට විහාරස්ථාන, ළමා හා වැඩිහිටි නිවාස කෙරෙහිද අවධානය යොමු කළ බව සිහිපත් කළ යුතුය.
එසේම මෙම ව්‍යසනය හා සමගාමීව පැමිණි ගෘහස්ත පරිභෝජනය සඳහා භාවිතා කරන ලද ගෑස් හිගයට පිළියමක් වශයෙන් දායක පවුල් සඳහා පොල්කටු අඟුරු උඳුන් ප්‍රදානය කිරීමට ද කටයුතු සිදුකර ඇත. එසේම විහාරස්ථානයෙන් ගමට සංකල්පය තේමා කර ගනිමින් සතර පේරුවේ දායක ගනිමින් සිංහල අළුත් අවුරුද්ද, වෙසක් පොහෝ දිනය පවුල් සඳහා වියලි ආහාර ලබාදීමේ වැඩ සටහන්ද වරින් වර සංවිධානය විය.
විහාරස්ථානයේ සිදුකරනු ලබන අටවිසි බුද්ධ පූජා කිරි ආහාර පූජා, තෙසැත්තෑ ඥාණ පූජා, විවිධ ඉදිකිරිම් සඳහා ශ්‍රමදානයෙන් සම්බන්ධ වන දායක දායිකාවන් සහ සිල් සමාදන් වන උවසු උවැසියන් සඳහා සියළු බරපැන දැරීමෙන් නිදහස් වන්දනා චාරිකා කිහිපයකට සහභාගි වීමේ අවස්ථාවද උදා විය.
වසරේ දින 365 තුල විහාරස්ථානයේ වැඩ වාසය කරනු ලබන ස්වාමීන් වහන්සේලා පෝෂණය කිරීම උදෙසා හීල් දානය සහ දහවල් දානය පුජා කරනු ලබන දායක පවුල් විසින් කරනු ලබන මහඟු කැපවීම අගය කිරීමට එම දායක පවුල් පෙරහැරකින් විහාරස්ථානයට කැඳවා “දායකාභිමානී ” නම්වූ අලංකාර ඇඟයීමේ උත්සවයක් සංවිධානය කර ඔවුනට තම ජීවිත කාලය පුරාවට මතක රැඳෙන රනින් නිමකළ සිහිවටනයක් පරිත්‍යාග කර සම්මා සම්බුදුරජානන් වහන්සේ සත් සතියෙන් ලොවට පෙන්වාදුන් කලගුණ සැළකීමේ උතුම් ගුණය ආදර්ශමත් කර ඇත.
අද අප විහාරස්ථානය අවට ප්‍රදේශය ආරෝග්‍යශාලා සංකීර්ණයක් බවට පරිවර්තනය වී ඇති අතර තම හිතවතුන් ඥාතීන් රෝහලේ සයනයක් මත උඩුකුරුව ඉතා අසරණ වූ අවස්ථාවේ පිහිටක් පතා හදිසියේ විහාරස්ථානයට ආගමික කටයුතු සඳහා නියැලීමට පැමිණෙන බොහෝ පිරිසකට අවශ්‍ය තෙල්, මල්, හඳන්කූරු ආදී ද්‍රව්‍යන් සපයා රෝගීන්ට සෙත් පතන, බුදු ගුණයෙන් සිත් සනහන පුන්‍ය භූමියකි.
තම මෑණියන්ගේ උපන් දිනය උදෙසා දායකයන් විසින් සංවිධානය කරන ලද ආශිර්වාද පූජා පිංකමට නව අරුතක් එක්කරමින් මාතා පිතු උපට්ඨානං බුදු වදනට අනුගතව මාපිය උපහාර වන්දනා පිංකමක් සංවිධානය කර දරුවන්ගේ සෙවනින් වූ අලංකාර පෙරහැරකින් දෙමාපියන් විහාරස්ථානයට කැඳවා සතර පේරුවේ සියළුම දායකයන්ගේ නිවස් තුළ වන්දනාමාන කටයුතු සඳහා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ප්‍රදානය කරන ලදී.
අළුත්වැඩියා කටයුතු සිදු කළද පැරණි ආවාස ගෘහයේ පැවති සීමිත ඉඩකඩ පිළිබදව අවධානය යොමුකර, ස්වාමීන් වහන්සේලා කිහිප නමකටම වැඩ සිටිමට හැකි ආකාරයෙන් එම භුමියේම අද අපට අලංකාර ලෙස දිස්වන නව ආවාස ගෘහයක් ද මේ වනවිට නිර්මාණය කර විහාරස්ථානයට ප්‍රවිශ්ඨ වීමට තිබූ ගණ්ඨාර කුළුනු සහිත අබලන් ද්වාරය නව අලංකාරයක් එක්කරමින් නිමවී ඇති අතර පාලම තුළින් ඇතුල්වන අනෙක් ද්වාරයද අලංකාර මකර තොරණකින් නිර්මිත වී ඇත.
ජාතියක සම්පත දරුවන් බව පසක් කරමින් දරුවන් කුස තුල දරා සිටින ගැබිනි මවුවරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩ සටහන්ද සංවිධානය වී ඇති අතර වයස් සීමාව අර්ධ ශතකය පසු කළ වැඩිහිටියන් දහමට නැඹුරු කිරීම දිරිමත් කරමින් එම වයස්සීමාව පසු කරන ලද වැඩිහිටියන් සඳහා සිල් රෙදි බෙදාදීම, උත්සව කාල සීමාවන්හිදී නිමි ඇඳුම් බෙදාදීම මෙන්ම දහම්පාසල් දරුවන් සහ ගුරු භවතුන්ට වාර්ෂිකව නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීම, දහම් පාසලේ දරුවන් සඳහා පෝෂදායක ආහාර වේලක් සෑම ඉරු දිනකම ලබාදීම තුලින් දහම් පාසල සහ දහම් අධ්‍යාපනයටද ශක්තියක් ලබාදීම සහ ශ්‍රි ගෞතම පෙර පාසලද විහාරස්ථානය ඇසුරින් ලබාදෙන සමාජ සත්කාරයන් බව සඳහන් කළ යුතුය.
වසරේ විවිධ කාල සීමාවන් හිදී කරනු ලබන පිංකම් කටයුතු සඳහා භාවිතා කරනු ලබන භාණ්ඩ විනාශ මුඛයට යානොදී නිසි කළමනා කරණයකින් භාවිතා කිරීම සඳහා ගබඩා ගෘහයක්, එයට යාබදව නව වැසිකිළි පද්ධතියක් සහ මල් පහන් ඇතුළු පූජාවන් සකස් කිරීමේ ස්ථානයක්ද නිර්මාණය විය.
තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත්වී සිටින දරුවන් 5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා ඉදිරිපත්වන අවස්ථාවන්හිදී දරුවන්ගේ මනස සුවපත් කරමින් ඔවුනට සෙත් පතා සෑම වසරකම ආශිර්වාද පූජා සත්කාරයන් සංවිධානය වී ඇත.
ලෙඩරෝග හඳුනාගැනීම එයට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා ගැනීම වැනි මූලික කරුණු පිළිබඳවද දායක දායිකාවන්ට අවබෝධයක් ලබා දෙමින් දේශීය සහ බටහිර වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීම සුහු ලේ දන්දීමේ වැඩ සටහන්ද නොයෙක් ආකාරයෙන් සංවිධානය විය.
විහාරස්ථානයේ තිබෙන සීමිත ඉඩ කඩ ප්‍රමාණයට පිළියමක් වශයෙන් විහාරස්ථානයට යාබදව තිබෙන භූමියෙන් කොටසක් දායක දායිකාවන් විසින් සිදු කරන ලද පරිත්‍යාග තුළින් මිලදී ගෙන එහි ඉදිරි කටයුතු ද මේ වන විට සිදු කරමින් ඇත.
කොළඹ නාගරිකයේ පවතින දැඩි කලබලකාරී පරිසර පද්ධතියේ ඉතා ශාන්ත පරිසරයක් නිර්මාණය කරමින් මෙම පුණ්‍ය භූමිය කේන්ද්‍ර කර ගනිමින් විහාරාධිපති හිමිපාණන් විසින් සිදුකරන මෙම උපහාරයක් වශයෙන් මහා විහාර වංශික ස්‍යාමෝපාලි අනුපමේය ජාතික ආගමික සහ ශාසනික සේවයට මහා නිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ වින්සත් වර්ගික සංඝ සභාව විසින් සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනසාර නැමති ගෞරව නාමයත් සමඟින් බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය 2023 දෙසැම්බර් මස 07 වන දින මල්වතු මහා විහාරිය රාජපූජිත මංගල උපෝෂිතාගාරයේදී ශ්‍රීමත් මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය උත්සව සභාවක් දායිකාවන් වන අප සැමට මහත්වූ අභිමානයක් බව මධ්‍යයේ පිරිනැමීම උන් වහන්සේ ප්‍රමුඛ දායක සිහිපත් කරමු.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරාධිත අමුත්තන් විසින් ගරුතර නායක හිමිපාණත් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රමුඛ පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවයෙන් අනතුරුව මහා වෙත සම්ප්‍රදායානුකූලව අක්ත්‍රපත්‍රය සහ විජිනිපතවිහාර වංශික, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මහනුවර උපෝෂිතපුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ වැඩමකරනු ලබන ගරුතර මහා සංඝරත්නය එකසිය පනස් නමක් උදෙසා සිදුකරනු ලබන සංඝගත දක්ෂිණාව 2024 පෙබරවාරි මස 18 වන දින බණ්ඩාර නායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කෙරෙන අතර මෙම සියළු පුණ්‍ය කර්මයන්ගේ බල මහිමයෙන් අභිනව පදවිප්‍රාප්තබස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනසාර පූජ්‍ය ඕමල්පේ සුමනරතන නායක ස්වාමීන් සිදු කිරීමට ඇවැසි නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.
