බ්ලොග් අඩවිය

බ්‍රයිඩල් ඩ්‍රීම් ආයතනයට 25 වසරක් පිරිම.

බ්‍රයිඩල් ඩ්‍රීම් ආයතනයට 25 වසරක් පිරිම නිමිතිකොටගෙන DB CEYLON ආයතනයේ මූලිකත්වයෙන් 2025 ඔක්තෝම්බර් මස නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරස්ථානයේ පැවති කඨින පිංකම.

Add Your Heading Text Here

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Add Your Heading Text Here

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අයහපත් කාලගුණය සහ දිට්වා සුළි කුණාටුව.

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට බෙදා දීම සදහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 2025.12.16 වන දින ශ්‍රී දළදා මාලිගාව වෙත පිටත් කර යවන ලදි.

පාසල් නිල ඇදුම් බෙදා දීම හා සිල් රෙදි බෙදා දීම - 2025 වර්ෂය

වාර්ෂිකව සිදු කරන දහම් පාසල් ළමුන් හට පාසල් නිල ඇදුම් ප්‍රධානය හා සීල ව්‍යාපාරය හා සම්බන්ධ පිංවතුන් හට සිල්  රෙදි බෙදාදීම මෙම වර්ෂයේ ද 2025.12.14 වන දින ශ්‍රී ගෞතම විහාරස්ථානයේදී සිදු කරන ලදී.

විහාරධිපති හිමියන්ගේ මෑණියන්ගේ තෙමස්පුර්ණ සිහිගැන්වීම.

ශ්‍රී ගෞතම විහාරයේ විහාරධිපති හිමියන්ගේ මෑණියන් අභාවප්‍රාර්ථ වී තුන්මසක් ගතවීම නිමිත්තෙන්, ස්වාමින්වහන්සේලා වැඩමවා, ගම්වාසීන් ඇතුළු දායක ප්‍රජාවද සහභාගී කරගනිමින් සීවලී පිරිත සජ්ඣායනා කොට මෑණියන් ඇතුළු මෑතකදී අප රටට බලපෑ ආපදා තත්වය හේතුවෙන් මියගිය සියලු දෙනාටද පිං අනුමෝදන් කිරීමේ වැඩසටහනක් 2025.12.14 දින විහාරස්ථ භුමියේ පවත්වන ලදී.

අයහපත් කාලගුණය සහ දිට්වා සුළි කුණාටුව.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ස්වාධීන රුපවාහිනී නාලිකාව හා ශ්‍රී දළදා මාළිගාව සමඟ සම්බන්ධ වී වියළි අහාර, පානීය ජලය, ඇදුම් පැළදුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය හා නිවෙස් පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය සියළුම ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

දේශීය/බටහිර වෛද්‍ය සායන සහ ලේ දන් දීමේ කඳවුර

විවිධ අබාධයනේගෙන් පෙලෙන ප්‍රදේශවාසීන් සඳහා වෛද්‍ය සායන කිහිපවරක්ම සංවිධානය කල අතර ලේ දන් දීමේ කඳවුරුද වාර්ෂිකව සංවිධානය කර ඇත.

ඇස් කණ්නාඩි බෙදා දීම

අක්ෂි අබාධයෙන් පෙලෙන ජනතාව උදෙසා අස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කරන ලද අතර 2025 වර්ෂයේ සංවිධානය කරන ලද අක්ෂි සායනයේදී ඇස් කණ්නාඩි 500 කට අධික ප්‍රමාණයක් සහ අක්ෂි අබධයෙන් පෙලුනු 44 දෙනෙක් සඳහා නොමිලේ අක්ෂි කාච බද්ධ කරන ලදී.

පොල්කටු උදුන් ප්‍රදානය

කොරෝනා වසංගතය හමුවේ අහාර පිසීම සඳහා භාවිතා කරන ලද ගෘහස්ථ ගෑස් හිඟයට පිලියමක් ලෙස පොල්කටු අඟුරු සහ පොල්කටු අඟුරු ලිප් ප්‍රදේශවාසි ජනතාවට බෙදා දීම.

කෝවිඩ් වසංගත සමයේ වියළි ආහාර බෙදාදීම

ගෝලීය තර්ජනයක් ලෙස පැමිණි කොරෝනා වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදීම ගම් වාසීන් සියලු දෙනාට වියළි ආහාර මලු බෙදාදීම.

වන්දනා චාරිකා වැඩසටහන

විහාරස්ථානය ආශ්‍රිතව සීල සමාදාන වැඩසටහන් සඳහා සම්බන්ධව උපාසක උපාසිකාවන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි පූජනීය ස්ථාන වන්දනා කරවීම සඳහා වාර්ෂික වන්දනා චාරිකා කිහිපයක්ම ගරුතර නායක ස්වාමින්වහන්සේගේ මූල්‍යමය දායකත්වයෙන් සංවිධානය කර ඇත.

බෝධි වන්දනා පොත් සහ බෞද්ධ කොඩි ප්‍රදානය

විහාරස්ථානයකට පැමිණ පළමුවෙන්ම විහාර, බෝමළු, සෑමළු ඇමදීමේ සහ වන්දනා කටයුතු අනුපිලිවෙල ඇතුළුව නිවැරදිව ගාථා කීම දක්වා වූ අංග සම්පුර්ණ වූ කරුණු ඇතුලත්ව විහාරාධිපති පූජපාද ඕමල්පේ සුමනරතන නායක ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත බුද්ධ වන්දනා හා බෝධි වන්දනා පුස්තකය 2013 වර්ෂයේ පිටපත් 15000 ක් මුද්‍රණය කරමින් ගම්වාසීන් සඳහා බෞද්ධ කොඩියක්ද සමගින් බෙදාහැරීම ආරම්භ කල අතර මෙම පුස්තකය නැවත නැවතත් මුද්‍රණය කරමින් මෙම උතුම් ධර්ම දානමය පුන්‍යකර්මය මේ දක්වා සිදු කරමින් පවතී.

මව්පිය උපහාර අභිවන්දනා

විහාරස්ථාන බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ජීවත්වන 1200 පමණ වන කුටුම්භයන්හි දුවා දරුවන්ට තමන් ඇතිදැඩි කල දෙමාපියන්ට සැලකීමේ උතුම් ගුණය සිහිපත් කරමින් නාරාහේන්පිට ශ්‍රී අභයරාම පුරණ විහාරස්ථානයේ සිට තම දරුවන් ලබා දුන් සෙවනක් මතින් වූ අලංකාර පෙරහැරකින් අප විහාරස්ථානය කැඳවාගෙන පැමිණි දෙමාපියන්ට වැදුම් පිදුම් සිදුකර සිත් පහන් වන සමාධි බුදුපිළිම වහන්සේ නමක් වැදුම් පිදුම් කටයුතු සඳහා ප්‍රධානය කරන ලදී.

ගැබිණි මව්වරුන් හට පෝෂණ මලු ලබාදීම

විහාරස්ථානයට අයත් සතර පේරුවේ පදිංචි දරු උපත් බලාපොරොත්තුවෙන් පසුවන ගැබිණි මවුවරුන් සඳහා මාසිකව පෝෂණ ආහාර මල්ලක් ලබාදීමේ ව්‍යාපෘතිය වර්ෂ ගණනාවක් ක්‍රියාත්මක විය.

සිල් රෙදි බෙදාදීම

සෑම මසකම පුන් පොහෝ දින විහාරස්ථානයේ සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් සඳහා වාර්ෂිකව සිල් රෙදි බෙදාදීමේ වැඩ සටහනක් සිදුකරන අතර මෙම වර්ෂයේද ඔක්තෝම්බර් සහ දෙසැම්බර් මාසයන්හිදී එම ව්‍යාපෘතිය සිදුකර ඇත.