අපේ පන්සල

1999 වර්ෂයේ අග භාගයේදී නායක ස්වාමින්වහන්සේ වැඩමවන අවස්තාවේ විහාරස්ථානයේ බුද්ධ මන්දිරය, ආවාස ගෘහය, බොධීන්වහ්න්සේ සහ ධර්මශාලාව පමණක් තිබූ අතර උන්වහන්සේ පළමුව, පහන් දැල්වීම සදහා නිසි ස්ථානයක් නොමැති බැවින් පහන් ගෙය නිර්මාණය කරන ලදී. එමෙන්ම කොන්ක්‍රීට් ලෑලී පමණක් යොදා සකසා තිබු බෝ කොටුව ප්‍රතිසංස්කරණ කර, අටවිසි බුදු කුටි ඇතුලූ බැතිමතුන්ගේ පහසුව සදහා වන්දනාමාන කිරීමට ආසන සකස් කොට දැනට පවතින තත්වයට බෝ මලුව නිමවන ලදි. 

2006 වර්ෂයේදී වගුරක්ව පැවති විහාරස්ථානයේ පසු පස භාගය සැකසීම සහ බෝ මළුව පුළුල් කර වාහල්කඩ නිර්මාණය කිරීම.

පාලම
පාලම සහ වාහල්කඩ

2008 වර්ෂයේදී අඩුපාඩුවකව පැවති චෛත්‍යයරාජයාණන් වහන්සේ සදහා මුල්ගල් තැබූ අතර, 2009 වර්ෂයේදී සාදා නිමකර බැතිමතුන්ට වන්දනාමාන කිරිමට අවස්තාව උදා කරන ලදී.2009 අගභාගයීදී බුද්ධ මන්දිරය, කතරගම දේවාලය සහ විෂ්ණු දේවාලය සහිත ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණය කිරීම.

චෛත්‍ය අනුරුව
කොත් පැළදවීම
නාහිමි සුරතින් නිධන් වස්තු තැන්පත් කිරීම
වත්මන් චෛත්‍ය රාජයාණන් වහන්සේ
මෙත්මහා බෝසත් මැදුර ඉදිකිරීම් අතරතුර
වත්මන් බෝසත් මැදුර

2009 වර්ෂයේ දාබරේ පටුමග දෙවන පිවිසුම් මාර්ගයේ වාහල්කඩ ඉදි කිරීම.

2011 වර්ෂයේ බෝධි ප්‍රාකාරය වර්තමානයේ පවතින ආකාරයට අවශ්‍ය ප්‍රතිසංස්කරණය කරමින් සැකසීම.

පැරණි මල් ආසනය
වත්මන් මල් ආසනය

2012 වන වර්ෂයේ දෙවන සංඝ වාසය ඉදි කිරීම. එම වර්ෂයේම වැසිකිළි කැසිකිළි පද්ධතිය සහිත දෙමහල් ගොඩනැගිල්ල ඉදි කිරීම.

පැරණි සංඝාවාසය
වත්මන් සංඝාවාසය

2014 වර්ෂයේ දෙමහල් ධර්මශාල මන්දිරය හා ධාතු මන්දිරය ඉදි කිරීම.

පැරණි ධර්මශාලාව
වත්මන් ධර්මශාලාව
ධාතු මන්දිරය
දම්සක් පැවතුම් සූත්‍ර ශිලා ලේඛනය

2019 වර්ෂයේ පැරණි බෝධීන් වහන්සේ වටා සත් බුධු කුටි සහිත නූතන පප්‍රාකාරය සැකසීම. එම වර්ෂයේම විහාර මන්දිරය පින්තාරු කොට පුර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීම හා ගම්භාර දේවාලය සැකසීම.

2019 – 2023 කාලය අතරතුර පන්සලට යාබදව පිහිටි නව බිම් කොටස මිල දී ගැනීම.

2025 මුල් කාලයේදී එම ඉඩමේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම.